ආක්ටික් කලාපයේ සිර මැදිරියක් තුළ මිය ගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය අද භූමදාන කෙරුණා.
ඒ, මොස්කව් අගනුවර ආශ්‍රිත ප්‍රදේශයක පිහිටි සුසාන භූමියකදීයි.
දේහය භූමදාන කටයුතුවලට පෙර ඒ පිළිබඳ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ මොස්කව් නුවර දේවස්ථානයකදීයි.
දේව මෙහෙයට හෝ දේහය භූමදාන කරන අවස්ථාවට සහභාගි වීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමි වූයේ නැහැ.
එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබූ අතර පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂාව සඳහා කැඳවා තිබුණා.
කෙසේවෙතත් අත්අඩංගුවට පත් වීමේ අවදානම නොතකා රුසියානුවන් විශාල පිරිසක් දේවස්ථානය අවට රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දේහය දේවස්ථානයට රැගෙන යන අවස්ථාවෙදී ඔවුන් ඇලෙක්සි නවාල්නිගේ නම පවසමින් ඝෝෂා නැඟුවා.