Saturday, July 27, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් වෛද්‍ය සමන් රත්නායක අධිකරණයට




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබුණා.  

ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට අනුවයි.

එහිදී පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනු ලැබුවා.  

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් 7 දෙනෙකු මේ වනවිට පසු වන්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවයි.

ඒ, අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ද වනවා.