Saturday, July 27, 2024

General line - 0115112241

කාන්තාවකට පහරදුන් ආණ්ඩුකාරවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන




ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල්ගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, තරුණියකට පහරදීමේ සිද්ධියකට අදාළවයි.

අදාළ පහරදීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබෙනවා.

හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයකදි අදාල පහරදීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ඔහු පදිංචිව සිටින කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ගියද සැකකරු එම නිවසේ සිට නැහැ.

පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවටයි අනාවරණ වන්නේ. පහරකෑමට ලක්වූ තරුණිය රෝහල්ගත කර ඇති බවද වාර්තා වුණා.