Saturday, July 27, 2024

General line - 0115112241

මිහිකත දැවැන්තම ක‍්‍රීඩා සැණකෙළිය අවසන් වෙයි (PHOTOS)




දින 16 ක් පුරා ලෝකයේ නෙත් යොමු වූ රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙල අද (22) නිමාවට පත් වුණා. ඒ, මරකානා කී‍්‍රඩාංගණයේ පැවති විචිත‍්‍රවත් සමාප්ති උළෙලකින්.

මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ සුපුරුදු පරිදි පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 46 ක්, රිදී පදක්කම් 37 ක් සහ ලෝකඩ පදක්කම් 38 ක් දිනා ගැනීමට සමත් වුණා.

දෙවන ස්ථානය හිමි වූයේ රන් පදක්කම් 27 ක්, රිදී පදක්කම් 23 සහ ලෝකඩ පදක්කම් 17 ක් දිනූ බි‍්‍රතාන්‍යයටයි.

මෙවර පදක්කම් සටහනේ 3 වන ස්ථානය චීනයට හිමි වුණා. ඔවුන් රන් පදක්කම් 26 ක්, රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 26 ක් දිනා ගත්තා.

සත්කාරක බ‍්‍රසීලය පදක්කම් සටහනේ 13 වන ස්ථානය දිනාගත්තේ රන් පදක්කම් 6 ක් දිනා ගනිමින්. ඊට අමතරව රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගැනීමට බ‍්‍රසීලය සමත් වුණා.

රටවල් 207 ක් සහභාගි වූ මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ඉන්දියාවට හිමි වුයේ 67 වන ස්ථානයයි. ඉන්දියාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත්තා.

මීළග ඔලිම්පික් කී‍්‍රඩා උළෙල 2020 වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතයි.

Olympic Games Rio 2016Rio (1) Rio (2) Rio (3) Rio (4) Rio (5) Rio (6) Rio (7) Rio (8) Rio (9)