Sunday, September 8, 2024

General line - 0115112241

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් අනතුරට

එම්.කේ.නන්දසේන




පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යෝධකණ්ඩිය දෙසට ධාවනය වෙමින් තිබූ එම යතුරු පැදිය විලමුල්ල මාතෘ සායන මධ්‍යස්ථානයේ තාප්පයේ ගැටී අනතුර සිදුව ඇති බවයි කිරින්ද පොලීසිය පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා දෙබරවැව මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ඉන් බරපතල තත්වයේ පසු වූ එක් පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.