Saturday, July 27, 2024

General line - 0115112241

කළුතර සිට අලුත්ගම දක්වා පාසල් ආසන්නයේ ඇති ආහාර අලෙවිසැල් පරීක්ෂාවට

සම්පත් කුලරත්න




කළුතර සිට අලුත්ගම දක්වා පාසල් ආසන්නයේ ඇති බේකරි නිෂ්පාදන  අලෙවි කරන අලවිසැල් සහ ජංගම ආහාර අලෙවිසැල් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

කළුතර ,බේරුවල, අලුත්ගම නගර ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසල්වලින් ලද පැමිණිලි  අනුව කළුතර ජාතික සෞඛ්‍යායතනයේ සහ බේරුවල වෛද්‍ය  නිලධාරී කාර්යාලය එක්ව පාසල් ආසන්නයේ ස්ථාපිත කෙටි කෑම අලෙවි කරන අලෙවිසැල් සහ ජංගම රථවලින් ආහාර අලෙවි කරන ත්‍රීවිල් රථ පරීක්ෂා කිරීමක් සිදු කර තිබුනා.

වෙළඳසැල් විශේෂ පරීක්ෂාවකින් අනතුරුව එලෙස නිසි ප්‍රමිතියකින් තොරව ආහාර අලෙවි කළ වෙලදසැල් හයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කල බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මීට අමතරව ජංගම රථවලින් කෙටි ආහාර අලෙවි කරන ත්‍රිවිල් රථද  විශේෂ පරීක්ෂාවක් සිදු කළ අතර, එම ත්‍රීවිල් රථ රියදුරන්ගේ  ආහාර අලෙවි කිරීමට ඇති සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද සොයා බැලීම් සිදුකර තිබුනා.

මෙම වැටලීම සඳහා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා  ආයතනයෙ සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පනහකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී සිටිය බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත්  සඳහන් කර සිටියේ.