Saturday, April 27, 2024

General line - 0115112241

යුක්‍රේන විදේශ ඇමති ඉන්දියාවට




යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා ඉන්දියාවට පැමිණ තිබෙනවා.

ඒ දෙදින නිල සංචාරයක් සඳහායි.

ඒ අනුව යුක්‍රේනය විදේශ අමාත්‍යවරයා අද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හමුවුණා.

එහිදී දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා වර්ධනය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්‍රේන විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තමන් අපේක්ෂා කළ බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.

එමෙන්ම පසුගිය මාස කිහිපයේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇති බව ද ඔහු පවසා තිබෙනවා.

යුක්‍රේනය යුද්ධය සම්බන්ධයෙන් එහිදී විදේශ අමාත්‍යවරුන් දෙපල සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.