Thursday, May 2, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයෙකුට කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වගකීමක්




ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සඳහා අයදුම්කරුවන් 53 දෙනෙකු ඉදිරිපත් වී තිබෙන අතර එම අයදුම්කරුවන් අතරින් ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රමේෂ් සුබසිංහ එම තනතුර සඳහා තෝරා පත්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර ඔහු නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස ද කටයුතු කර තිබෙන අතර ඔහු ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස ද සිය සුදුසුකම් සම්පූර්ණ කර තිබෙනවා.