Tuesday, February 11, 2025

General line - 0115112241

අවුරුද්දට කලින් රැඳවියන්ට අවස්ථාවක්




මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද සහ හෙට බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණී  දිසානායක පැවසුවේ ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන්ට නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක් රැගෙන ඒමට හැකි බවයි.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට හෙට දින විශේෂ රාජ්‍ය සමාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අතර  සිරකාරියන් 11ක් ද වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව එම සිරකරුවන් 779 දෙනාට විශේෂ රාජ්‍ය සමාව හිමිවනවා.