Saturday, July 27, 2024

General line - 0115112241

ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට




මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාසිකොටේ ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹන්පොළ පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි.

අනෙක් සැකකරු සෙට්ටිකුලම, තුට්ටායිවායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි සෙට්ටිකුලම පොලිසිය පැවසුවේ.