Saturday, July 27, 2024

General line - 0115112241

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික බිත්තර තොගයක් සොයා ගැනේ

කුෂාන් ජයවර්ධන




කැකිරාව නගරයේ පිහිටි සුපිරි වෙළදසැලක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් අලෙවි කරමින් තිබූ ආනයනික බිත්තර තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබෙනවා.

එම බිත්තර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික බවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ.

සෙල්සියස් අංශක 2ත් 5ත් අතර අගයක ගබඩා කර අලෙවි කළ යුතු එම ආනයනික බිත්තර තොගය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ගබඩාකර අලෙවි කිරීම හා ඒවායෙහි අපද්‍රව්‍ය තිබීම හේතුවෙන් එම සුපිරි වෙළඳසැලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.