Saturday, July 27, 2024

General line - 0115112241

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දැරියන්ටත් අවුරුදු තෑගි




සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරු දැරියන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදාදීම හෙට සිදුවනවා.

ජනාධිපති රනිල් වික්ර්මසිංහ මහතාගේ සංකල්පයකට අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක දරු දැරියන් 10,000කට අධික පිරිසක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමට නියමිතයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ යුදහමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අධික්ෂණය යටතේ යුද හමුදාව  දරු දැරියන්ට තෑගි පාර්සල් බෙදාදීමට එක්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.