Sunday, September 8, 2024

General line - 0115112241

වික්ටෝරියා ජලාශයේ ගිලී කාන්තාවක් මරුට - සැමියා අතුරුදන්




වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගොස් දියේ ගිලී කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඇය සිය සැමියා සමඟ වික්ටෝරියා ජලාශයට පැමිණ ඇති බවත් එහිදී ඇයගේ සැමියාද දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පොලිසිය පැවසුවා.

මියගොස් ඇත්තේ තිහාරිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.

අතුරුදන්ව ඇති ඇගේ සැමියාගේ වසය අවුරුදු 28ක් වන බවයි පොලිසිය පැවසුවේ.

එම කාන්තාවගේ තෙල්දෙණියේ සිටින ඥාතිවරයෙකුගේ නිවසට පැමිණ ඇති ඔවුන් දෙදෙනා කුඹුක්කදුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී දියේ ගිලී මියගිය කාන්තාවගේ මලසිරුර සොයාගෙන ඇති අතර අතුරුදන්වූ පුද්ගලයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.