Wednesday, May 1, 2024

General line - 0115112241

චමරි අතපත්තු ශ්‍රී ලංකාව ලෝක වාර්තා පොතට රැගෙන යයි




ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් වාර්තා පොතට එක්වී තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ පැවති තුන්වන එක්දින තරඟයේදී දැක්වූ දක්ෂතා සමගයි.

එහිදී ශ්‍රී ලංකාව තරඟය ජය ගත්තේ හඹාගොස් කඩුලු 04කට ලකුණු 305ක් රැස් කරමින්. 

එය සැළකුණේ ලෝක කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කිසියම් කණ්ඩායමක් ලකුණු 300කට වඩා වැඩියෙන් රැස් කරමින් තරඟයක් ජය ගත් පළමු අවස්ථාව ලෙසයි.

එමෙන්ම මෙය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දෙවනුවට පන්දුවට පහර දී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද සම කිරීමක්.

මෙහිදී චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් රැස් ක අතර එය සැළකුණේ නායිකාවක් රැස් කළ තුන් වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙහිදී දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා නායිකාවන් දෙදෙනාම ලකුණු 175ට වැඩියෙන් රැස් කළ අතර ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කාන්තා සහ පිරිමි ඕනෑම තරඟයක එවැන්නක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

එහිදී ඔවුන් දෙදෙනා රැස් කළ ලකුණු සංඛ්‍යාවේ එකතුව 379ක්. එය සැළකුණේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ කාන්තා සහ පිරිමි ඕනෑම තරඟයක නායකයින් දෙදෙනෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

චමරි මෙහිදී රැස් කළ ලකුණු 195, හඹා ගොස් ජය ගත් තරඟයක ක්‍රීඩිකාවක් වශයෙන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.

එමෙන්ම එක් දින ක්‍රිකට් පිටියේ ලකුණු 175ට වඩා අවස්ථා චෙකකදී රැස් කළ ලොව එකම ක්‍රීඩිකාව ලෙසද චමරි මෙහිදී වාර්තා පොතට එක් වුණා.