ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් මුදලට මන්ත්‍රීවරුන් ලබා ගැනීමට ඇතැම් දේශපාලන පක්ෂ මේවන විටත් කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා පවසනවා.
එලෙස මුදල් දී මන්ත්‍රීවරුන් බිලි බාගන්නා දේශපාලන පක්ෂ පිලිබදව ඉදිරියේදී තමන් හෙලිකරන බවයි මර්වින් සිල්වා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළ අතර එහිදී අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.