Saturday, July 27, 2024

General line - 0115112241

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගේ ප්‍රධාන ගෝලයකු STF අත්අඩංගුවට

සම්පත් කුලරත්න




සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගේ ප්‍රධාන ගෝලයකු වන "පයාගල සුට්ටු"  කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පයාගල කලමුල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී අල්ලා ගත් "පයාගල සුට්ටු"   පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් සහ එම ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙකක්ද කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුනා.

සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ "පයාගල තෝරා" නැමැත්නා කළුතර බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවටත් ඊසි  ක්‍රෑෂ් ක්‍රමයට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි.

හතළිස් අට හැවිරිදි සැකකරු පයාගල ඉහළ වඩුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් 

මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම දොඩංගොඩ, පයාගල, මතුගම, වැලිපැන්න ,කළුතර ආදී ප්‍රදේශවල බහුල වශයෙන් සිදුකර ගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුද දැනට මාසයකට පමණ පෙර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත සිටින පුද්ගලයෙක් වන බවයි පොලීසිය පවසන්නේ 

සැකකරු අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි