Friday, May 3, 2024

General line - 0115112241

ඊශ්‍රාලයේ සිටින ලාංකිකයන් ගැන විශේෂ දැනුම් දීමක්




ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

ඊශ්‍රාලය තුළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණදී සිටින පුද්ගලයින් ඇත්නම් හැකි ඉක්මනින් තානාපති කාර්යාලය වෙත සම්බන්ධවී, පවතින ගැටලු පිළිබඳ දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊශ්‍රායලය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් 11,500ක පමණ පිරිසක් ඊශ්‍රායලය තුළ සේවයේ නිතර වන බවත් ඉන් සියයට 70ක් පමණ නිවෙස්වල සේවය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සියයට 15ක් පමණ කෘෂිකර්ම, වැඩබිම්වලත් සෙසු පිරිස ඉදිකිරීම් හා වෙනත් සේවාවලත් නිරත වන බවයි තානාපති කාර්යාලය සඳහන් කළේ.

ගාසා තීරය ආසන්නයේ ජීවත්වූ පවුල් මේ වන විටත් ඉවත්කර තාවකාලිකව හෝටල්වල නවාතැන් පහසුකම් ලබාදී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ.  

කෙසේවෙතත් ගුවන් සමාගම් විසින් ඇතැම් ගුවන් ගමන් අවලංගු කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට නියමිතව සිටින බොහෝ දෙනෙකුගේ ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළා.