Saturday, July 27, 2024

General line - 0115112241

උසස් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් නව පනත් කෙටුම්පතක්




අධ්‍යාපනය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් රජයක් ලෙස සිදුකරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

උසස් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් නව පනත් කෙටුම්පතක්ද සකස් කර තිබෙන බවයි මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන්ට හා සමාජ සේවා පුරවැසියන්ට සාම විනිසුරු පදවි පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ.  


මේ එම අවස්ථාවට එක්වූ අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න.