Saturday, May 4, 2024

General line - 0115112241

ඩී එස් - මහානාම රන් මහා සටනේ ජය කොළඹ මහානාම විද්‍යාලයට




කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර රන් මහා සටන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 133ක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් වුණා.

තරඟය පැවැත්වුණේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදීයි. කාසිය වාසිය දිනාගත් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොළඹ මහානාම විද්‍යාලයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පැමිණි මහානාම විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09ක් දැවී ලකුණු 305ක් ලබාගත්තා.

මහානාම විද්‍යාලය වෙනුවෙන් හුදෙකලා ඉණිමක් ක්‍රීඩා කළ රශ්මික පෙරේරා නොදැවී ලකුණු 111ක් ලබාගත්තා.

ලකුණු 306ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොළඹ ඩී එස් විද්‍යාලයට පන්දුවාර 40යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 172ක් පමණයි.