Saturday, July 27, 2024

General line - 0115112241

ජනපති මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැ දකී



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.

මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට සෙත්පතා සෙත් පිරිත් සජ්ජායනා කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.