Saturday, July 27, 2024

General line - 0115112241

සුඛෝපභෝගී වාහන 112ක් අන්සතු කිරීම හා පැවරීම වළක්වාලමින් නියෝගයක්

 උදය කුමාර



නිසි පරිදි රජයට බදු නොගෙවා විධිමත්ව රේගුවෙන් නිෂ්කාශනය නොකර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කර තිබෙන විවිධ පුද්ගලයින්ට අයත් සුඛෝපභෝගී මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින්  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා වෙතයි.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි 112ක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ රේගුවෙන් විධිමත් ආකාරයට නිෂ්කාශනය නොකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් අධි සුඛෝපභෝගී වාහන 112ක් ලියාපදිංචි කළ බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ හේතුවෙන් රජයට අයවිය යුතු රුපියල් බිලියන 05කට අධික බදු ආදායමක් අහිමි වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් අල්ලස් කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.