Saturday, July 27, 2024

General line - 0115112241

වසර 46කට පසුව යාපනය සරසවියේ ඉදිකළ පළමු ගොඩනැගිල්ල ජනාධිපති විවෘත කරයි




යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම වෙනුවෙන් එය සිදුකරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

යාපනය විශ්වවිද්‍යාලය තුළ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එලෙස විවෘත කර තිබෙනවා. ඊට වැයකළ මුදල රුපියල් මිලියන 942ක්. 

මේ අතර “උරුමය”  වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1,286ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම අද සිදුවුණා.

ඒ, යාපනය ප්‍රදේශයේදීයි. මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට අදාළව “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.