Saturday, July 27, 2024

General line - 0115112241

අධික සුලගක් නිසා ගසක් කඩා වැටීමෙන් වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමනාගමනයට බධා

ජයන්ත වීරසේකර 




වැල්ලවාය ප්‍රදේශයට පැවති අධික සුලං තත්ත්වය සමග වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයට වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් යාලබෝව ප්‍රදේශයේන් විශාල ගසක් කඩා වැටීම නිසා ඊයේ පස්වරුවේ මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී තිබෙනවා.

ගස කඩා වැටීම නිසා එම ස්ථානයේ තිබූ වෙලදසැල් දෙකකටත් හානි සිදු වී ඇති අතර කඩා වැටුණු ගස කඩිනමින් ඉවත් කිරීමට ගම්වාසීන් විසින් කටයුතු කර තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.