Saturday, July 27, 2024

General line - 0115112241

හොයලා දුන්නොත්  ලක්ෂ විස්සක් 




විශේෂ විමර්ශනයකට අදාලව  අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මහජන සහය පතනවා

ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ්  නම් වූ එම සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ  පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

උස අඩි 05යි අඟල් 06ක් පමණ වන ඔහු 1978 වසරේ උපන් පුද්ගලයෙකු වන බවද  පොලිසිය සඳහන් කළා.

පහත ඡායාරූපයේ  සිටින සැකකරු පිලිබඳව යම් තොරතුරක් දන්නේ නම් හෝ දැන ගැනීමට ලැබුනේ නම් ඒ සම්බන්ධයෙන් 071-8591753 දුරකථන අංකය අමතා අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා වෙත තොරතුරු ලබා  දිය හැකියි.

එමෙන්ම 071-8591774  දුරකථන අංකය අමතා එම දෙපර්තුමෙන්තුවේ ස්ථානාධිපතිවරයා වෙතද තොරතුරු ලබා දිය හැකි වනවා .

නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට පොලිස් මූලස්ථානය මගින් රුපියල් ලක්ෂ විස්සක (රු 2,000,000/=) ත්‍යාග මුදලක් පිරිනමනු ලබන අතර තොරතුර ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.