Saturday, July 27, 2024

General line - 0115112241

සැමටම එකම නීතියක් ක්‍රියාත්මක කරන රජයක් ගොඩනගන බව අනුර උතුරේදී කියයි




ආර්ථික සහ දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.

ආර්ථිකයේ ප්‍රතිලාභ සෑම කෙනෙකුටම ලැබෙන ආකාරයේ විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ.


ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය කල් දැමීමේ උවමනාවක් රජයට නොමැති බවත් නියමිත දිනයන්වලදී අදාළ මැතිවරණ පවත්වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස මේ වන විටත් සූදානමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන පැවසුවේ.


ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරාපත් කර ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතින බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.  


සියලු දෙනාගේ අදහස්වලට ගරු කරමින් සැමටම එකම නීතියක් ක්‍රියාත්මක කරන රජයක් ගොඩනැගිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක උතුරු ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළා.