Tuesday, February 11, 2025

General line - 0115112241

නේත්‍රාලෝක වෙසක් කලාපයේ සිව්වන දිනටත් සැදැහැවතුන් විශාල පිරිසක්




නෙත් එෆ් එම් රේඩියෝව වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ සිව්වන දිනය අදයි.

එම වෙසක් කලාපය තුළදී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට සැදැහැවතුන් විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් තිබෙනවා.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථාන භූමියේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.

 

 


මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයද අද සිව්වන දිනයටත් ක්‍රියාත්මකයි.

එම වෙසක් කලාපය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා. 

ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ඓතිහාසික කූරගල පුදබිමේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.