Friday, October 18, 2024

General line - 0115112241

තියුණු තරගයකින් පසු නේපාලයට එරෙහි තරගයේ ජය දකුණු අප්‍රිකාවට




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “ඩී” කාණ්ඩය යටතේ නේපාලය සමඟ පැවති තරගය එක් ලකුණකින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 115ක් රැස්කළා. 

ජයග්‍රාහී ලකුණු 116ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස තියුණු තරගයක නිරත වූ නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 114ක්.

ඒ අනුව එක් ලකුණකින් එම තරගයේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමි වුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ඒ වනවිටත් සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “සී” කාණ්ඩයේ උගන්ඩා කණ්ඩායම සමඟ පැවති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පහසු ජයක් ලබාගත්තා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් උගන්ඩා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 40ක් පමණයි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 05යි පන්දු 02ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 41ක් රැස්කරමින් තරගය ජය ගත්තා.

කෙසේවෙතත් නවසීලන්ත කණ්ඩායමට සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව අහිමිවී තිබෙනවා.