Sunday, June 23, 2024

General line - 0115112241

2025 වර්ෂයේ සිට කුලී නිවාස හිමියන්ටත් අලුත් බද්දක්




රජයේ ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළක් සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කර ඇති නවතම සවිස්තරාත්මක වාර්තාවේ මෙම කරුණ ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. 

මෙම බදු ක්‍රමය 2026 වර්ෂය අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

පළාත් ආයතන මට්ටමින් දත්ත එක් රැස් කිරීමට රජයේ අවධානය යොමු කළ යුතු බවත් එම දත්ත මෙරට දේපළ හිමියන් සතුව ඇති දේපළ සම්බන්ධයෙන් යාවත්කාලීන කළ ඇස්තමේන්තුවක් ඇතුළත් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම එම වාර්තාව මෙම වසරේ අගෝස්තු මස වන විට අවසන් කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.