Tuesday, June 25, 2024

General line - 0115112241

ස්කොට්ලන්තය පැරදූ ඕස්ට්‍රේලියාව එංගලන්තයත් සමග සුපිරි 08 දෙනාගේ වටයට




ලෝක කුසලාන තරඟාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 05ක ජයක් හිමි කර ගත්තා.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06ට ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පළමුවෙන් පන්දුවට පහර දීමට ස්කොට්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ස්කොට්ලන්ත කණ්ඩායම කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 180ක් රැස් කළා.

ජයග්‍රාහී ලකුණු 186ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් තුළදී කඩුලු 05ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඕස්ට්‍රේලියානු  කණ්ඩායම ස්කොට්ලන්ත කණ්ඩායම සමග තරඟ වැදීමට පෙරම සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා තිබූ අතර ස්කොට්ලන්ත කණ්ඩායම තරඟ දෙකක් ජය ගනිමින් සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් අද ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරඟය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

කෙසේවෙතත් අද තරඟය පරාජයට පත් වීමත් සමග ඔවුන්ට සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිව ගියා. 

මෙම තරඟය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීමත් සමග එංගලන්ත කණ්ඩායමටද සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වුණා.