Friday, January 17, 2025

General line - 0115112241

වර්ජන පිටුපස සිටින පිරිසක් ගැන අනාවරණයක්




රට තුළ මෙම අවස්ථාවේ වැඩ වර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීම ආර්ථිකයට හිතකර නොවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ පවසනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ඇතැම් දේශපාලන අරමුණු මත සංවිධාන කරන බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග හරහා රටේ ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි ආකාරයද මෙහිදී පැහැදිලි කෙරුණා.

මෙවැනි අවස්ථාවලදී බලපෑමක් කළ හැකි පාර්ශව වගකීමෙන් ක්‍රියාකරන ලෙස දේශපාලන පක්ෂවලට බලපෑම් කළ යුතු බවද ආචාර්ය ප්‍රියංග දුණුසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.