Sunday, September 29, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාව පැරදූ ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට




2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 24කින් පරාජය කරමින්.

මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 205ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

නායක රෝහිත් ශර්මා පන්දු 41කදී ලකුණු 92ක් රැස් කළේ හතරේ පහර 07ක් සහ හයේ පහර 08ක් සමගින්.

සූර්යකුමාර් යාදෙව් පන්දු 16කදී ලකුණු 31යි.

මිචෙල් ස්ට්‍රක් ලකුණු 45කට කඩුලු 02ක් දවා ගත්තා. 

ලකුණු 206ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 181ක් පමණයි.

ට්‍රැවිස් හෙඩ් පන්දු 43කදී ලකුණු 76ක් රැස් කළා.

ඒ, හතරේ පහර 09ක් සහ හයේ පහර 04ක් සමගින්.

මිචෙල් මාෂ් පන්දු 28කදී ලකුණු 37යි. අර්ෂ්දීව් සිං ලකුණු 37කට කඩුලු 03යි. 

කුල්දිප් යාදෙව් ලකුණු 24කට කඩුලු 02ක් දවා ගත්තා.

මෙම තරඟය ජය ගැනීමත්  සමග ඉන්දියානු කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.