Sunday, September 29, 2024

General line - 0115112241

ඉදිරි මහ කන්න දෙකේදී ගොවීන්ට නොමිලේ බණ්ඩි පොහොර ලබා දීමට තීරණයක්




ඉදිරි මහ කන්න දෙක තුළ සියලුම වී වගා කරන ගොවි ජනතාවට නොමිලයේ ඵධඡ හෙවත් බන්ඩි පොහොර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙතින් රජය කළ කරන ලද ඉල්ලීමකට අනුව බන්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 55,000 ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තිස්සමහාරාම ප්‍රදේශයේදී පැවැති රැස්වීමකදීයි. 

මෙම පොහොර බෙදාහැරීම ඇතුළු කටයුතු සඳහා රුපියල් බිලියන එකහමාරක පමණ මුදලක් වැය වන බවත් එම මුදල රජය විසින් දැරීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී කියාසිටියා.

ඒ සඳහා තමන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.