Friday, June 28, 2024

General line - 0115112241

දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවේ ගින්නෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ




දකුණු කොරියාවේ බැටරි කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් මියගිය සහ තුවාල ලැබූවන් අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

සෝල් අගනුවර, හ්වාසොං නගරයේ ඇරිසෙල් කම්හලේ ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාම හේතුවෙන් එම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ කර්මාන්තශාලාවේ සේවකයන් 100 දෙනෙකු පමණ සේවය කරමින් සිට තිබෙනවා.

ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 22ක් බවයි වාර්තා වුණේ.

මියගිය පිරිස අතර චීන ජාතිකයින් 18ක්, ලාඕසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ දකුණු කොරියානු කම්කරුවන් දෙදෙනෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ගින්නෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද එම වාර්තාවල සඳහන්.