Friday, October 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෞරවය රැකගැනීමේ ගැනීමේ සටනක




මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරග මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර20 අව් ආසනයේ  කඩුලු 06ක් දැවී ලකුණු 201ක් රැස්කර ගැනීමට සමත් විය . 

පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. 

කමිදු මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 17ක් රැස්කර සිටියදීයි. 

ඒ අනුව ලකුණු  201ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 05ක්  අවසානයේ කඩුලු 01ක් දැවී ලකුණු 46ක් රැස්කර ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වූ පසුබිමක් තුළයි. 

ඒ “ඩී” කාණ්ඩය යටතේ මුහුණ දුන් තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන්. 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගෞරවය රැකගැනීමට නම් අද පැවැත්වෙන තරගය ජයගත යුතු වනවා.