Friday, October 18, 2024

General line - 0115112241

පළමු වටයෙන්ම ඉවතට යාමට බලපෑ හේතුව වනිඳු හෙළි කරයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට යාමට හේතු වූයේ ක්‍රීඩකයින් සතු අඩුපාඩු සකසා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බව නායක වනිඳු හසරංග පවසනවා.

නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරඟය ජය ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමාජ මාධ්‍ය හරහා එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ද වනිඳු හසරංග මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.


පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ අවසන් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලැබුවේ ලකුණු 83කින්.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 201 ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් රැස්කළා.

ධනංජය ද සිල්වා ලකුණු 34යි. ඇන්ජලෝ මැතීව්ස් පන්දු 15කදී නොදැවී ලකුණු 30ක් සහ නායක වනිදු හසරංග පන්දු 06කදී නොදැවී ලකුණු 20ක් රැස්කළා. 

ජයග්‍රාහී ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

නුවන් තුෂාර කඩුලු 03ක්, වනිදු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 02 බැගින් දවා ගත්තා.