Sunday, September 8, 2024

General line - 0115112241

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ අවසන් තරඟය අද




2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ අවසන් තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතරයි.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ශාන්ත ලුසියා හි ඩැරන් සමී ජාතික ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කර ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන්  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ  කඩුලු 5ක්  දැවී ලකුණු 218ක් ලබා ගත්තා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබාදුන් 219ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය කණ්ඩායම මේ වන විට පන්දුවාර 5ක්  අවසානයේ  එක කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබාගෙන සිටිනවා 

‘සී’ කාණ්ඩය නියෝජනය කරන මෙම කණ්ඩායම් දෙක මෙම තරඟාවලියේ මේ දක්වා ක්‍රීඩා කළ තරඟ තුනම ජය ගෙන අපරාජිත බව රැක ගෙන සිටිනවා.

ඒ අනුව මෙම තරඟයේ ප්‍රතිඵල අනුව පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම තීරණය වනු ඇති.