Sunday, September 8, 2024

General line - 0115112241

තායිලන්තය සමලිංගික විවාහ නීතිගත කරයි




තායිලන්ත පාර්ලිමේන්තුව විසින් සමලිංගික විවාහ නීතිය පිළිගෙන තිබෙනවා.

ඒ අනුව තායිලන්තය යනු සමලිංගික විවාහ නීතිය සම්මත කර ගත් අග්නිදිග ආසියාවේ පළමු රට බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අදාළ නීතිය සම්මත කර ගැනීම සඳහා තායිලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 130ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර විරුද්ධව ජන්දය ප්‍රකාශ කර තිබුනේ 04 දෙනෙක් පමණි.

එමෙන්ම තවත් මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවද සඳහන්. 

කෙසේ වෙතත් මෙම නිතිය යථාර්ථයක් වීමට පෙර මෙම පනතට එරට රජුගේ අනුමැතිය අවශ්‍ය වන බවයි එරට රජය පවසා ඇත්තේ.

ඒ අනුව තායිලන්තය තුල සමලිංගික විවාහ නීතිය බලාත්මක වන්නේ එය රාජකීය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර දින 120 කට පසුවයි.

මිට පෙර මෙම නිතිය ආසියානු රටවල්වල නේපාලය සහ තායිවානයට නීති ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස සමලිංගික විවාහ සම්මත කර ගැනීම පිළිබඳව එරට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ මත පල වන බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.