Sunday, September 8, 2024

General line - 0115112241

කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක් 




මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන බවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ටි්‍ර එක්ස්පෝ 2024 ප්‍රදර්ශනය අද පෙරවරුවේ විවෘත කරමින්. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය අද සිට ජූනි 23 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙනවා.