Sunday, September 8, 2024

General line - 0115112241

පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනපති කියයි




තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දේශගුණික විපර්යාවලට මුහුණ දිමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින් අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

ඒ, බත්තරමුල්ලේ පැවති අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ සමාප්ති උත්සවයට එක්වෙමින්.