Sunday, June 30, 2024

General line - 0115112241

ජනපතිගේ කතාවට සජබෙන් ප්‍රතිචාර

එන් ඒ ඩබ් නිරෝෂන්




ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය බව සිය පක්ෂය මුල සිටම පෙන්වා දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව කටයුතු කිරීමට සිය පක්ෂය සූදානම් නොමැති බවයි ඔහු කියා සිටියේ.

ජනාධිපතිවරයා ජාතිය අමතා ඊයේ සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා ජාතිය අමතා ඊයේ සිදුකල කතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක මහාචාර්ය ආශු මාරසිංහ අද පැවති මාධ්‍ය හමුවකදී පළ කළේ මෙවන් අදහසක්.