Sunday, June 30, 2024

General line - 0115112241

පොහොර සාහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් ලබාදීමේ තීරණයක්




මින් ඉදිරියට වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් ලබා දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමේ දී ඇතැම් කුඹුරු හිමියන්, තම කුඹුරු වගා කරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම නිසා මුදල් ලබා දීමේ දී යම් ප්‍රමාදයන් සිදුවන බවයි පෙනී ගොස් ඇත්තේ.

මෙවර යල කන්නයේ දී රජය විසින් මේ වනවිට රුපියල් බිලියන 5.4ක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම ලබා දී තිබෙනවා.

එහෙත් ඇතැම් ගොවීන් තවමත් තමන්ට මුදල් නොලැබුනු බවට පැමිණිළි කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සිදුකල සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹ තිබෙනවා.