Sunday, June 30, 2024

General line - 0115112241

ජනතා විරෝධතා හමුවේ කෙන්යාවේ නව බදු ප්‍රතිපත්ති හකුලා ගනී




කෙන්යාවේ ජනතාවගේ දැඩි විරෝධතාවය හේතුවෙන් එරට ජනාධිපති  විලියම් රූටෝ ඉදිරිපත් කළ නව බදු ප්‍රතිපත්ති ඇතුලත්  මූල්‍ය පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

නව මූල්‍ය ප්‍රතිපත්තීන්වලට එරෙහිව පැවති විරෝධතා අතරතුර විරෝධාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ද කඩා වැදී තිබුණා.

පැවති විරෝධතා අතරතුර විරෝධතාකරුවන්  23 දෙනෙකු මිය ගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති අතර කෙන්යාවේ ආරක්ෂක අංශ ජීව උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇති බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.