Sunday, September 8, 2024

General line - 0115112241

කෝඩුකාර ලෝක කුසලාන සිහිනයට ආ ඇෆ්ගනිස්ථානයේ මුල් පෙළ බිඳ වැටෙයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය දැන් පැවැත්වෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබැකෝ ක්‍රීඩාංගනයේදීයි.

තරඟය පැවැත්වෙන්නේ මෙවර ලෝක කුසලානයේ අපරාජිත දකුණු අප්‍රිකාව සහ පෙරළිකාර ඇෆ්ගනිස්ථානය අතරයි. 

ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයකට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

දකුණු අප්‍රිකාව අවස්ථා 07කදී ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිවල අවසන් පූර්ව වටයට පිවිස තිබුණද ඉන් කිසිවක් ජය ගැනීමට හැකි වී නැහැ. 

අද තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට හැකි වුණේ නැහැ.

ඒ, පන්දුවාර 07ක් තුළ ලකුණු 29කට කඩුලු 06ක් බිඳ වැටීමත් සමගයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මාර්කෝ ජෙන්සන් පන්දුවාර තුනකදී ලකුණු 16කට කඩුලු 03ක් බිඳ හෙළුවා.

කගිසෝ රබාඩා පන්දුවාර දෙකකදී ලකුණු 05කට කඩුලු 02ක් බිඳ හෙළිමට සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ඇෆ්ගනිස්ථානය පන්දුවාර 09යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 07 දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 49 ක්.