Sunday, September 8, 2024

General line - 0115112241

දකුණු ස්ලෝවැකියාවේ මාරාන්තික රිය අනතුරක්




දකුණු ස්ලෝවැකියාවේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අතර බස් රථයේ සහ දුම්රියේ රියදුරන් ද වනවා.

මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් ගත් මගීන් 06 දෙනෙක්.