Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දියාවේ මැතිවරණයට අමෙරිකාව සල්ලි දුන්නද? රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් උත්තර




ඉකුත්දා පැවැති ඉන්දීය මහ මැතිවරණය සම්බන්ධයෙන් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා තිබේ.

එහි ප්‍රකාශක මැතිව් මිලර් පැවසුවේ අමෙරිකාව ලෝක ඉතිහාසයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අභ්‍යාසය සමරන බවයි.

එය අසාමාන්‍ය ජයග්‍රහණයක් බවත් ඔහු පවසා තිබේ.

ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මිලර් සඳහන් කළේ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අමෙරිකාව කිසිදු පැත්තක් නොගන්නා බවයි.

මෙම කාරණය සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ඉන්දියාවේ ජනතාවට බව ද ඔහු පවසා ඇත.

අමෙරිකාවේ බොහෝ කණ්ඩායම් සහ පුද්ගලයින්ට ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමට අවශ්‍ය වී ඇති බවත්, අගමැති නරේන්ද්‍ර මෝදි මැතිවරණයෙන් පරාජය කිරීමට අමෙරිකාවෙන් මුදල් එවූ බව ජනතාව පිළිගෙන ඇති බවත් පලවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් මිලර් පැවසුවේ,

“ඒ සම්බන්ධයෙන් මට නිශ්චිතව කතා කළ නොහැක. ඔවුන් සඳහන් කරන්නේ කුමක් දැයි මට හරියටම විශ්වාස නැත, නමුත් මට ඔබට කිව හැක්කේ ඉන්දියානු මැතිවරණ සම්බන්ධයෙන් ගත් කල, අපි අමෙරිකාව වෙනුවෙන් පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදයේ විශාලතම ව්‍යායාමය කුමක්දැයි සමරනවා.

ලෝක ඉතිහාසයේ එය අසාමාන්‍ය ජයග්‍රහණයක් විය