Sunday, September 8, 2024

General line - 0115112241

අමෙරිකා ජනපති බයිඩන් සහ හිටපු ජනපති ට්‍රම්ප් අතර විවාදයක්




අමෙරිකාවේ ජනාධිපති  ජෝ බයිඩන්  සහ හිටපු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප්  අතර විවාදයක් පවත්වා තිබෙනවා. 

එම විවාදය සංවිධානය කර තිබුනේ සීඑන්එන් රූපවාහිනිය මඟින්. ඔවුන් දෙදෙනාම මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කරන අතර විවාදයේදී ආර්ථිකය සහ සංක්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ජා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ලබන නොවැම්බර් මස 5 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් මෙම විවාදය පැවැත්වෙන අතර එය  මිනිත්තු 90 ක කාලයක් පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම විවාදයේදී ජනාධිපති ජෝ බයිඩන් එරට ආර්ථික උද්ධමනය වැඩි වීමට හේතුව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බවට චෝදනා කර තිබෙනවා. 

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් බයිඩන් පවසා ඇත්තේ තමන් බලයට පත්වූ පසු  ඇමෙරිකාවේ වසර 40ක් තුළ ලැබූ ඉහළම උද්ධමනය ලබා ගෙන ඇති බවයි.  

මෙහිදී හිටපු ජනාධිපති ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන කාලයේදී ඇමෙරිකාව තුන්වන ලෝකයේ රටක් බවට පත් වී ඇති බවයි. 

එමෙන්ම ගබ්සා කිරීම් සඳහා මයිෆෙප්‍රිස්ටෝන් ඖෂධය භාවිතා කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන ඇති තීරණය තම පාලන කාලයේදීද ක්‍රියාත්මක කරන බවයි හිටපු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ. 

ට්‍රම්ප් ගේ අපරාධ සම්බන්ධයෙන් බයිඩන් චෝදනා කර තිබෙන අතර  නිල් චිත්‍රපට නිළියක් සමග ට්‍රම්ප් ගේ තිබූ සම්බන්ධතාවයක් සම්බන්ධයෙන් ද බයිඩන් මෙම විවාදයේදී මතු කර තිබෙනවා 

ට්‍රම්ප් එම චෝදනාව ප්‍රතික්ෂේප කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් මෙම විවාදය සම්බන්දයෙන් දේශපාලන විචාරකයෝ පවසන්නේ  බයිඩන් ගේ ප්‍රතිචාර සහ සමහර උත්තර සම්බන්ධයෙන් සමස්තයක් වශයෙන් ඩිමොක්‍රටික් ආධාරකරුවන් සතුටු නොවනු ඇති බවයි.

ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට 81 වන වියේ පසුවන අතර ඔහු ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි 

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 78 හැවිරිදි වියේ පසුවනවා.

කෙසේ වෙතත් විවාදයට පෙර ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  අතට අත නොදීම විශේෂ සිදුවීමක්. 

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම අපේක්ෂකයින් දෙදෙනා අවසන් වරට විවාදයකදී එක්ව ඇත්තේ 2020 වසරේ දී බවයි.