Sunday, September 8, 2024

General line - 0115112241

දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අනතුරින් තිදෙනෙක් මියයයි




ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටීමෙන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මේ වන විට පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති අතර සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

අද අලුයම ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටිමට ලක්වී තිබෙන්නේ

ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබුණි.

මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු IndiGo සහ SpiceJet  සිය ගුවන් ගමන් අවලංගු කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

පර්යන්ත1 හි ඇත්තේ IndiGo සහ SpiceJet විසින් අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් පමණි. 

ගුවන් තොටුපළේ පර්යන්ත1,පර්යන්ත2 සහ පර්යන්ත 3 යන පර්යන්ත තුනක් ඇති අතර දිනකට ගුවන් ගමන් 1,400ක් පමණ හසුරුවනු ලබනවා