Sunday, September 8, 2024

General line - 0115112241

ලෙබනනයේ තත්ත්වය දරුණු අතට




ලෙබනනයේ උග්‍රවන ආතතීන් සහ අස්ථාවර ආරක්ෂක තත්ත්වය මධ්‍යයේ, ඉන්දියාව සහ අමෙරිකාව එරට සිටින සිය පුරවැසියන්ට දැඩි සංචාරක උපදේශන නිකුත් කර ඇත.

ඒ අනුව ලෙබනනයේ සිටීනම් ප්‍රවේශම් වන ලෙස සහ සංචාර සැලසුම් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසත් ඉන්දියාව සහ අමෙරිකාව තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

රටේ දකුණු ප්‍රදේශයේ තත්ත්වය සමනය වන තුරු ලෙබනනයට යාමෙන් වළකින ලෙස බේරූට් හි රුසියානු තානාපති කාර්යාලය ද එහි පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

ලෙබනනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සියලුම ඉන්දියානු ජාතිකයින්ට දැනුම් දී ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි.

ලබා දී ඇති දුරකථන අංක හරහා තානාපති කාර්යාලය සමඟ සන්නිවේදනය පවත්වා ගන්නා ලෙසත් උපදෙස් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය තානාපති කාර්යාලය අවධාරණය කළේ, "ලෙබනනයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන, ලෙබනනයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙසත්, අපගේ විද්‍යුත් තැපෑල හරහා බීරූට්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය සමඟ සම්බන්ධව සිටින ලෙසත් උපදෙස් දෙනු ලබන බවයි.

ඒ හා සමානව, ලෙබනනයේ අමෙරිකානු තානාපති කාර්යාලය අනපේක්ෂිත ආරක්ෂක පරිසරය ඉස්මතු කරමින්, සිය පුරවැසියන්ට දැනුම් දෙන්නේ ලෙබනනයට යාමට ඕනෑම සැලසුමක් දැඩි ලෙස නැවත සලකා බලන ලෙසයි.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍ර වීම ලෙබනනයේ නොසන්සුන් තත්ත්වයට හේතු වී තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කර ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානයට සහය පළ කර හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරයි