Sunday, September 8, 2024

General line - 0115112241

චීනය හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ ඉරණම විසඳයි.




චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය එරට 'දූෂණ විරෝධී මර්දනයේ' කොටසක් ලෙස හිටපු ආරක්ෂක ඇමතිවරුන් දෙදෙනෙකු නෙරපා හැර ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස නෙරපා හැර ඇත්තේ Li Shangfu සහ ඔහුගේ පූර්වගාමියා වූ Wei Fenghe ය.

ඔවුන් චීන මහජන විමුක්ති හමුදාවේ ඉහළ නිලධාරීන් දෙපළක් ද වේ.

Li Shangfu සහ Wei Fenghe මාස ගණනාවක් පුරා අතුරුදන්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් චීන රජය කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොතිබුණි.

පසුව අනාවරණ වූයේ ඔවුන් සම්බන්ධයෙන් දුෂණ විරෝධී විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව පක්ෂයේ විනය සහ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් Li සහ Wei Fenghe නෙරපා හැරීම බ්‍රහස්පතින්දා නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන Xinhua විසින් වාර්තා කරන ලද අතර, තායිවානයේ ඉරණම සම්බන්ධයෙන් චීනය සහ අමෙරිකාව අතර ආතතිය වැඩි වෙමින් පවතින අවස්ථාවක මෙම සිදුවීම වාර්තා විය.

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඊයේ රැස්වූයේ ලීගේ තත්ත්වය සමාලෝචනය කිරීමටය.

රාජ්‍ය මාධ්‍ය වාර්තා අනුව, ලී ඔහුගේ මුල් මෙහෙවර පාවා දී ඔහුගේ පක්ෂ ආත්මය සහ ප්‍රතිපත්ති නැති කර ගෙන ඇති බව ඔවුහු තීන්දු කර තිබේ.

ලී, හමුදා ක්ෂේත්‍රයේ දේශපාලන පරිසරය සහ කාර්මික ආචාරධර්ම බරපතල ලෙස දූෂණය කර ඇති අතර, පක්ෂයේ අභිප්‍රාය, ජාතික ආරක්ෂාව සහ ත්‍රිවිධ හමුදාව ගොඩනැගීමට විශාල හානියක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වේ.

වසර පහක ධුර කාලයෙන් පසු 2023 දී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස විශ්‍රාම ගත් වෙයි, නීති උල්ලංඝණය කරමින් මුදල් සහ තෑගි ලබා ගැනීම සහ අන් අයට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔහුගේ තනතුරෙන් ප්‍රයෝජන ගැනීම, මුදල් හා වටිනා දේ ආපසු ලබා ගැනීම යන චෝදනාවට ලක් වූ බව ෂින්හුවා වාර්තා කරයි.

වෙයිගේ නඩුව ද හමුදා නඩු පවරන්නන් වෙත යොමු කර ඇත.