Sunday, September 8, 2024

General line - 0115112241

ඉරාන ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ




ඉරානයේ 14 වැනි ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වී තිබෙනවා.

ඒ, පැය 18ක කාලයකින් අනතුරුවයි. පසුගිය මාසයේ හෙලිකොප්ටර් අනතුරකින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මිය යාමෙන් පසුව මෙම ජනාධිපතිවරණය පැවැත්වුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ  ඉරාන රජයේ  ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයින් හතර දෙනෙකු තරඟ කළ බවයි.

මොහොමඩ් බාකර් කලිබාෆ්, සයීඩ් ජලිලි, මසූඩ් පෙසෙෂ්කියන් සහ මොස්ටාෆා පෝර්මොහමඩි එලෙස ජනපතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.

ඡන්දදායකයින් මිලියන 64ක් ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරානය පුරා ඡන්ද මධ්‍යස්ථාන 58,640ක් ස්ථාපිත කෙරුණු අතර ඉන් 6,000කට වැඩි ප්‍රමාණයක් ටෙහෙරාන් අගනුවර ස්ථාපිත කර තිබෙනවා.  

මේවන විට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිඵලවලට අනුව ජනාධිපතිවරණය දෙවන අදියරක් දක්වා දීර්ඝ වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.          

ඒ අනුව ඉරාන ජනධිපතිවරණයේ දෙවන අදියර ජුලි 5 වනදා පැවත්වීමට නියමිතයි.

දැනට ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් පසුවන සයීඩ් ජලිලි සහ මසූඩ් පෙසෙෂ්කියන් දෙවන අදියර සඳහා තරඟ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.